අපගේ දැක්ම

තාර්යක්ෂම සුදශීලී සේවාවක් තුළින් තෘප්තිමත් මහජනතාවක්.

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම සම්පත් සම්බන්ධීකරණය

ආයතනයේ විකාශනය

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර නගරය කේන්ද්‍ර කර ගෙන කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා තිබේ. කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය උතුරින් පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් දකුණින් බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් නැගෙනහිරින් බණ්ඩාරගම හා දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලටත් මායිම්ව පවතින අතර, බටහිරින් සාගරයට ද මායිම්ව පවතී. හෙක්ටයාර් 7770 ක විශාලත්වයෙන් යුතු කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කළුතර දිස්ත්‍රික් පරිපාලන බල ප්‍රදේශය තුල පිහිටා ඇත. කළුතර ප්‍රාදේශීය පරිපාලන බල ප්‍රදේශය තුල 164,800ක ජන සංඛ්‍යාවක් වාසය කරන බව ජන හා සංඛ්‍යා ලේඛණ ‍තොරතුරු මත අනාවරණය වී ඇත.

කොළඔ ගාල්ල ප්‍රධාන මාර්ගයෙන්ද මුහුදුබඩ දුම්රිය මාර්ගයෙන්ද කළු ගඟෙන් ද වටවී පිහිටා ඇත. කළුතර බෝධීන් වහන්සේ නිසා ‍‍ඓතිහාසික මෙන්ම සංස්කෘතික වටිනාකමක් කළුතරට ලැබී ඇත. කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හරහා ගලා බසින ප්‍රධාන ගංගාව වන කළුගඟ දිගින් සැතපුම් 70 ක් වන අතර නදියට අයත්වන පෝෂක ප්‍රදේශය තුල ජනාවාස වීම අරමුණු කොට විශාල සමාජ රටාවක් ගොඩ නැගී ඇත.

සමනල ගිරි හිසින් ආරම්භ වන මෙම ගඟ කුඩා ගගුලැල් වලින් හා දිය දහර ඇළවලින් පෝෂණය ලබා ගනිමින් කළු ගං මෝය කටින් මුහුදට ගලා යයි. කළු ගඟ හරහා කුඩා ඇල මාර්ග රාශියක් කොට්ඨාශය පුරාම ව්‍යාප්තව පවතින අතර කොට්ඨාශයේ දකුණු අර්ධයේ පවතින දුම්මලමෝදර ඇල හා  මොරැන් ඇල උතරු අර්ධයේ පවතින අළුත් ඇලත් ප්‍රධාන  වේ. බොල්ගොඩ වැවේ කොටසක් ද අයත් වන අතර කොට්ඨාශයේ උතුරු මායිමේ පිහිටි මෙම වැවට ජල සැපයුම මහවෙල ගඟ හා මහවෙල ඇල මගින් සිදු කෙරේ. මෙම පාරිසරික පද්ධතිය මුල් කර ගෙන වර්ෂය පුරාම ජලයෙන් පිරී පවතින මෙම ප්‍රදේශය තැනිතලා බිම් ස්වරූපයක් හා වගුරු බිමි පවතින නිසා බොහෝ විට සමතුලිත දේශගුණ තත්වයක් දක්නට ලැබේ.

 කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කළුතර දිස්ත්‍රික් බල ප්‍රදේශය තුල මෙවැනි පාරිසරික පද්ධතියක් ඇතුලත්ව මනා පරිපාලන පද්ධතියකින් පාලනය වේ. නාගරික, අර්ධ නාගරික , හා ගැමි ජන ජීවන රටාවක් පවතින බැවින් ඉතා ක්‍රමවත් පරිපාලනයක් පවත්වා ගත යුතු බැවින් ග්‍රාම නිලධාරී වසම්  87 කට වෙන් කර පරිපාලන පහසුව සලසා ඇත.      

සේවය කල ප්‍රාදේශීය ආදායම් නිලධාරී/ප්‍රාදේශීය උප දිසාපති/ ප්‍රාදේශිය ලේකම්වරුන්

ප්‍රාදේශීය ආදායම් නිලධාරී

නම සිට දක්වා
පී.තේ.ද අල්විස් මහතා                          1968          1970      
සයිමන් ද සිල්වා විතාරණ මහතා  1970 1974 
විජේසිරි සොයිසා මහතා  1976       1977 
  ප්‍රාදේශීය උප දිසාපති
වයි.ජී.අමරදාස මහතා  1977  1982 
කේ.හපුතන්ත්‍රී මහතා  1982  1983 
එච්.එස්.හේරත් මහතා  1983  1989 
ආරියපාල ගීගනගේ මහතා  1989  1990 
පී.වී.වයි.දිසානායක මහතා  1990   
රංජිත් සමරතුංග මහතා  1990  
රූපසිරි වැල්ලගේ මහතා 1990 1992
ප්‍රාදේශීය ලේකම්වරු
ඒ.පී.ඒ.ගුණසේකර මහතා  1992  1994 
රූපසිරි වැල්ලගේ මහතා 1995 2000
එස්.හපුආරච්චි මහතා 2000 2002
බී.ජී.එස්.ගුණතිලක මහත්මිය 2002 2009
සිරිසෝම ලොකුවිතාන මහතා 2007 2012
විමල් ගුණතුංග මහතා 2013 2016
බුද්ධිකා රුවනි සමරතුංග මහත්මිය 2016 2019
එස්.කේ.හේනාධීර මහකා 2019 2021
එස්.ත්‍රිමාන්න මහතා 2021 2024
සාරංගි ධීරරත්න 2024 2026
එම්.ඒ.පී.ජයකොඩි 2026 මේ දක්වා

News & Events

13
අගෝ2018

News & Events

"    

Scroll To Top